Management Information Systems - Lesson 1

 

තොරතුරු පද්ධතියක් (Information System) යනු

  • යම් ආයතනයක තීරණ ගැනීම සහ පාලනයට උපකාරී වන තොරතුරු එක්රැස් කරන, සකසන, ගබඩා කරන සහ බෙදාහරින එකිනෙකට සම්බන්ධ වූ කොටස් සමූහයකි.
  • තොරතුරු යනුවෙන් අදහස් වන්නේ මිනිසාට යම් අදහසක් ගත හැකි, ප්‍රයෝජනවත් ලෙස සකසන ලද දත්ත සමූහයකි.
  • දත්ත යනු මිනිසාට තේරුම්ගැනීමට සහ භාවිතා කිරීම සඳහා තොරතුරු බවට පත් කිරීමට පෙර ආයතනයෙන් හෝ භාහිරින් ලබාගන්න ලද අමු කරුණු වේ.

 

තොරතුරු පද්ධතියක මාන (Dimensions)

  • ආයතන (Organizations) - Social Business
  • තාක්ෂණය - Cloud Computing, Big Data
  • කළමනාකරණය - Business Intelligence


තොරතුරු පද්ධති මඟින් ව්‍යාපාර පරිවර්තනය කරන අයුරු. (Transform business)

  • තාක්ෂණය මත කෙරෙන ආයෝජන ඉහළ යාම.
  • තොරතුරු පද්ධති මඟින් ව්‍යාපාර වලට ආර්ථිකමය වටිනාකමක් ලබා දීම.
  • පාරිභෝගික අවශ්‍යතා කෙරෙහි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ඉහළ යාම
  • මාධ්‍ය භාවිතයේ, වෙළඳ ප්‍රචාරණයේ සහ වෙළඳාම් ක්‍රමයේ වෙනස්කම් සිදු වීම.
  • තොරතුරු පද්ධති තුළ නව නීති බිහි වීම.


ගෝලීයකරණය සහ තොරතුරු පද්ධති (Globalization)

  • ඇමරිකා එක්සත් ජනපදයේ විකෙණෙන සෙල්ලම්බඩු වලින් 80% ක් පමණ නිපදවනු ලබන්නේ චීනය විසිනි, එමෙන්ම චීනයේ නිපදවන 90% ක් පමණ පරිගණක වල ඇත්තේ ඇමරිකාවේ නිපදවන Intel හෝ AMD චිප වේ.
  • රටවල් අතර හුවමාරු වන්නේ භාණ්ඩ පමණක් නොවේ, සේවා ද එසේ හුවමාරු වේ.
  • 24×7 සංස්කෘතියක් බිහි වීම.
  • අන්තර්ජාලය විසින් ලෝකව්‍යාප්ත මෙහෙයුම් සඳහා යන වියදම අඩු කිරීම.
  • තාක්ෂණය මූලික කරගත් Google, Amazon සහ Ebay වැනි ආයතන බිහි වීම


ඩිජිටල් ව්‍යාපාර ආයතන බිහි වීම. (Digital Firms)

  • ඩිජිටල් ව්‍යාපාර ආයත නොහොත් Digital Firm එකක් යනු, පාරිභෝගිකයන්, සපයන්නන් සහ සේවා නියුක්තිකයන් අතර ආසන්න වශයෙන් සියළුම සබඳතා ඩිජිටල්කරණය කර ඇති ආයතන වේ.
  • මෙම ආයතන වල, මූලික ව්‍යාපාර තීරණ ගැනීම සඳහා අවශ්‍ය ඕනෑම තොරතුරක් ඕනෑම වෙලාවක, ඕනෑම ස්ථානයක සිට ලබාගත හැකි වේ.


ව්‍යාපාර විසින් තොරතුරු පද්ධතියක් ලබාගැනීම සහ නඩත්තු කිරීම සඳහා විශාල වශයෙන් මුදල් ආයෝජනය කිරීමේ හේතුව.

  • එයට හේතුව නම්, පහත සඳහන් ව්‍යාපාර අරමුණ හය මුදුන්පත් කර ගැනීමේ අවශ්‍යතාවයි.
  1. විශිෂ්ට ක්‍රියාකාරිත්වයක් ලබා ගැනීම - Operational Excellence
  2. නව නිෂ්පාදන, සේවා සහ ව්‍යාපාර මාදිලි ඇති කිරීම.
  3. පාරිභෝගිකයන් සහ සපයන්නන් අතර සබඳතාව වර්ධනය කිරීම.
  4. තීරණ ගැනීමේ හැකියාව ඉහළ නැංවීම.
  5. අන් ආයතන සමඟ ඇති තරඟය මත වාසි සලසා ගැනීම.
  6. නොනැසී රැකීමට ඇති අවශ්‍යතාව.


තොරතුරු පද්ධති වෙත නූතන ප්‍රවේශ (Modern Approach)

තාක්ෂණික ප්‍රවේශ (Technical)

  • කළමනාකරණ විද්‍යාව
  • පරිගණක විද්‍යාව
  • ක්‍රියාකාරිත්වය සම්බන්ධ පර්යේෂණ


හැසිරීම් හා සම්බන්ධ ප්‍රවේශ (Behavioral)

  • මනෝවිද්‍යාව
  • ආර්ථික විද්‍යාව
  • සමාජ විද්‍යාව

***

Post a Comment

0 Comments