Management Information Systems - Lesson 5

Enterprise Resource Planning - ව්‍යවසාය සම්පත් සැලසුම්කරණය


ERP Evolution

 

Inventory Control – 1960s (භාණ්ඩ ලේඛණ පාලනය)

භාණ්ඩ ලේඛන කළමනාකරණය සහ පාලනය යනු, ගබඩා නිවස්නයක් තුළ නියමාකාර ගබඩා මට්ටමක් පවත්වාගැනීමේ ව්‍යාපාරික ක්‍රියාවලියයි. මේ සඳහා තොරතුරු තාක්ෂණය උදව් කරගනී.

මෙහිදී සිදු කළ යුතු ක්‍රියාකාරකම් අතර,
* භාණ්ඩ ලේඛනයට එකතු කළ යුතු දෑ හඳුනාගැනීම
* ඉලක්ක පිහිටුවීම
* නැවත පිරවීමේ තාක්ෂණ සහ විකල්ප ලබා දීම
* භාණ්ඩ භාවිතය පරීක්ෂාව
* භාණ්ඩ ලයිස්තුවේ ඉතිරිය සංසන්දනාත්මකව විමසා බැලීම
* භාණ්ඩ ලේඛණයේ තත්වය වාර්තා කිරීම

Material Requisition Planning -1970s (අමුද්‍රව්‍ය අත්කරගැනීම සැලසුම්කරණය)

මෙහිදී, නිෂ්පාදන ක්‍රියාවලීන් සඳහා දින/වේලාවල් නියම කර ගැනීමට මෘදුකාංග යෙදුම් භාවිතා කරයි.

නිමි භාණ්ඩ සඳහා අවශ්‍ය දෑ, නිෂ්පාදන පද්ධතියේ ව්‍යුහය, වර්තමාන භාණ්ඩ ලේඛණයේ මට්ටම සහ විවිධ මෙහෙයුම් සඳහා අවශ්‍ය වන සම්පත් ප්‍රමාණය පදනම් කරගෙන, අමුද්‍රව්‍ය මිළදීගැනීම සහ මෙහෙයුම් සිදු කිරීම සඳහා දිනයන්/වේලාවන් නියම කරයි.

Manufacturing Resource Planning - 1980s (නිෂ්පාදන සම්පත් සැලසුම්කරණය)

නිෂ්පාදන සැලසුම්කරණය, කොටස් මිළදීගැනීම, භාණ්ඩ ලේඛණ පාලනය සහ නිෂ්පාදන බෙදාහැරීම දක්වා නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා මෘදුකාංග යෙදුම් භාවිතා කරයි.

Enterprise Resource Planning -1990s (ව්‍යවසාය සම්පත් සැලසුම්කරණය)

මෙහිදී බහු මොඩියුල යෙදවුම් මෘදුකාංග භාවිතා කර අභ්‍යන්තර ව්‍යාපාරික ක්‍රියාවලි වල ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීම සිදු කරයි.

ERP පද්ධති තුළ,
* නිෂ්පාදන සැලසුම්කරණය
* කොටස් මිළදීගැනීම
* භාණ්ඩ ලැයිස්තු පාලනය
* නිෂ්පාදන බෙදාහැරීම
* ඇණවුම් ගැන පරීක්ෂාව ආදී බොහෝ ව්‍යාපාරික ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැපයේ.

ERP මෘදුකාංග පද්ධති තුළ, අලෙවිකරණය, මූල්‍ය කළමනාකරණය, ගිණුම්කරණය සහ මානව සම්පත් කළමනාකරණය සඳහා යෙදවුම් මොඩියුල අන්තර්ගත වේ.

ERP අර්ථදැක්වීම්

ව්‍යාපාරය සතු සියළු සම්පත්, තොරතුරු සහ ක්‍රියාකාරකම් කළමනාකරණය සහ සංවිධානය කළ හැකි ව්‍යාපාරය පුරා පැතිරුණු, බෙදාගත් දත්ත ගබඩා සහිත පරිගණක මෘදුකාංගයකි.

සමාගමක සම්පූර්ණ ව්‍යාපාරික ක්‍රියාවලි සඳහා සහාය දක්වන සංගෘහිත මෘදුකාංග පසු ව්‍යුහයකි.

වෙන් වෙන් වශයෙන් වූ කුඩා ක්‍රියාකාරකම් සිදු කළ හැකි කොටස් වෙනුවට,  සමාඟමක සියළු කොටස් ඒකාබද්ධ කළ පද්ධතියකි.

ව්‍යවසාය සම්පත් සැලසුම්කරණය - ERP

මෙමඟින් මුළු සංවිධානය පුරාවටම අභ්‍යන්තර සහ භාහිර කළමනාකරණ තොරතුරු එකට එක්කාසු කරයි. මූල්‍යමය සහ ගිණුම්කරණය, ඉංජිනේරු තාක්ෂණය, නිෂ්පාදන, බෙදාහැරීම්, විකිණුම් සහ සේවා, පාරිභෝගික සබඳතා කළමනාකරණය ආදී සියල්ල ඊට ඇතුළත් ය. ERP පද්ධතියක් මඟින් මෙම සියළු ක්‍රියාකාරකම්, සංගෘහිත මෘදුකාංග යෙදවුමක් මඟින් ස්වයංක්‍රීය කරණය කරයි.

එහි අරමුණ වන්නේ ව්‍යාපාරයේ ඇතුළත සීමාව තුළ සියළු ව්‍යාපාරික ක්‍රියාවන් අතර තොරතුරු ගලා යාම සහ පිටත සිටින ව්‍යාපාරය හා සම්බන්ධ පිරිස් අතර සබඳතා කළමනාකරණය කිරීමයි.

Major Functional Areas of an ERP

Common ERP Modules - පොදු ERP මොඩියුල



Forces Governing ERP Systems (ERP පද්ධති පාලනය කරන බලයන්)

* වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා
* ව්‍යාපාරික ක්‍රියාවලි සහ පුරුදු
* රටේ නීති සහ රෙගුලාසි
* අන්තර්ජාතික ප්‍රමිති (IFRS, IAS, GAAP,
EU රෙගුලාසි)
* කර්මාන්ත දියුණුවීම්
* හැසිරීම් වල සිදුවන වෙනස්කම්

ERP Developments (ERP දියුණු කිරීම)

UX
UI දියුණු කිරීම්
- පහසුවෙන් හැසිරවීම වැඩිදියුණු කිරීම (Usability improvements)
- පරිශීලක අතුරුමුහුණත වැඩිදියුණු කිරීම
දිගුකල් පවතින මෘදුකාංග දියුණු කිරීම (Sustainable software development)
ජංගම උපාංග සඳහා මෘදුකාංග නිපදවීම (Mobile client development)
ස්පර්ශ සංවේදී යෙදවුම් (Touch Apps)
වෙනස් කළ හැකි යෙදවුම් (Customizable applications)
සේවාවක් ලෙස මෘදුකාංග යොදාගැනීම. (Software as a service)

Implementation of an ERP System - ERP පද්ධතියක් පිහිටුවීම

යම් ආයතනයක ERP පද්ධතියක් පිහිටුවීම අතිශය සංකීර්ණ ක්‍රියාවලියකි.

ආයතන විසින් සාමාන්‍යයෙන් ERP පද්ධති නිපදවන සමාගම් හෝ උපදේශණ සමාගම් සමග සම්බන්ධ වී ඔවුන්ට අවශ්‍ය ආකාරයට වෙනස්කම් කළ ERP පද්ධතියක් පිහිටුවනු ලබයි.

ERP Project and Time - ERP ව්‍යාපෘති සහ කාලය

දැනට පවතින පද්ධතියක් ERP එකක් දක්වා දියුණු කිරීමට වසරත් වසර තුනත් අතර කාලයක් වැය වේ.

කුඩා ව්‍යාපාර, සමාඟමක කොටසකට පමණක් බලපැවැත්වෙන පද්ධති, මූල්‍යමය කොටස් පමණක් අවශ්‍ය වන සමාඟම් ආදිය සඳහා කෙටිකාලීන ක්‍රියාවට නැංවීම් සඳහා මාස තුනත්, හයත් අතර කාලයක් වැය වේ.

මෙහිදී, වැය වන කාලයට වඩා වැදගත් වන්නේ ERP පද්ධතියක් ස්ථාපනය කිරීමෙන් සමාඟම බලාපොරොත්තු වන දේ ඉටු වෙව් ද යන්න සහ ERP එක මඟින් ව්‍යාපාරයේ දියුණුව සලසාගත හැකිද යන්නයි.

Total Cost of Ownership of ERP - සමාඟමකට ERP එකක් ලබාගැනීමට වැය වන මුදල.

Total cost of ownership (TCO) යනු Gartner Group ආයතනය මඟින් දියුණු කළ දෘඩාංග සහ මෘදුකාංග සඳහා වැය වන මිළ ගණනය කිරීමේ ආකෘතියකි.

TCO මඟින් අදාළ තාක්ෂණය සමාඟම වෙත එක්කාසු කිරීමෙන් ලබන්නේ ලාභයක් ද, පාඩුවක් ද යන්න පිළිබඳ අවබෝධයක් ලබාගත හැක.

ERP පද්ධති භාවිතා කරන ආයතන 63ක් හා කළ අධ්‍යනයකින් තහවුරු වී ඇත්තේ,

සාමාන්‍ය TCO අගය ඩොලර් මිලියන 15ක් පමණ අගයක් වන බවයි. (ඉහළම අහය ඩොලර් මිලියන 300ක් වූ අතර අඩුම අගය ඩොලර් 400,000 කි)

එක් පරිශීලකයෙක් වෙත වන සාමාන්‍ය TCO අගය ඩොලර් 53,320ක් පමණ වේ.

පද්ධතිය ස්ථාපනය කිරීමෙන් පසු, යම් ප්‍රගතියක් දැකීමට මාස 8ක් පමණ ගතවේ.

පද්ධතිය හේතුවෙන් වසරකට ඩොලර් මිලියන 1.6ක පමණ මධ්‍යන්න ඉතිරියක් සලසාගත හැකිය.

Hidden Costs of ERP - ERP පද්ධතියක් ස්ථාපනය කිරීමේදී වැයවන සැඟවුණු වියදම්

පුහුණු කිරීම් සඳහා
සංගෘහිත කිරීමට සහ පරීක්ෂාව සඳහා
දත්ත පරිවර්තනය කිරීම සඳහා
දත්ත විශ්ලේෂණය සඳහා
උපදේශන සේවා සඳහා
ස්ථාපනයෙන් පසු සිදු කළ යුතු සේවා නියුක්තිකයන් ගේ වෙනස්කම්
ස්ථාපනය කිරීම් කරන කණ්ඩායම් දිගින් දිගටම එම කාර්යන්හි නියැලීම
ERP පද්ධතිය ස්ථාපනය කිරීමට මුදල් ආයෝජනය කළ පසු, ලාභයක් ලැබෙන තුරු කාලයක් බලා සිටීමට සිදු වීම
ERP පද්ධතිය ස්ථාපනයෙන් පසු ඇතිවන පීඩනය.

Advantages of ERP Systems - ERP පද්ධතියක වාසි

ව්‍යාපාරික ක්‍රියාවලිය වර්ධනය වීම
තීරණ ගැනීම සඳහා අවශ්‍ය දත්ත ලබා ගැනීම පහසු වීම.
නිසි කලට නිවැරැදි තොරතුරු ලැබීම
පාරිභෝගික ප්‍රතිචාර ඉක්මනින් ලැබීම
කඩදාසි භාවිතය අවම වීම
නිසි ආකාරයට සංගෘහිත කළ පද්ධතියක් මඟින් සියළු ක්‍රියාකාරී ප්‍රදේශ එකට සම්බන්ධ කළ හැකි වීම
විවිධ ආයතන ක්‍රියාවලි සහ ක්‍රියාකාරකම් අනුකූලනය කිරීමේ හැකියාව.
විවිධ දෙපාර්තමේන්තු හරහා විශේෂ ආයාසයකින් තොරව තොරතුරු හුවමාරු කරගැනීමේ හැකියාව ලැබීම
කාර්යක්ෂමතාව, ක්‍රියාකාරිත්වය සහ ඵලදායිතාව ඉහළ නැංවීම
අනාවැකි පළ කිරීම සහ කෙරීගෙන යන වැඩපිළිවෙළ ගැන අවධානය යොමු කිරීමේ පහසුව
පාරිභෝගික සේවා ඉහළ යාම සහ පාරිභෝගිකයන් තෘප්තිමත් කිරීම.

Disadvantages of ERP Systems - ERP පද්ධතියක අවාසි

තම සමාඟමට අවශ්‍ය ලෙස සිදුකරගත හැකි වෙනස්කම් සීමා වීම
වර්තමානයේ ක්‍රියාත්මක වන ව්‍යාපාරික ක්‍රියාවලිය ERP පද්ධතිය හා ක්‍රියාත්මක කිරීමේදී වෙනස්කම් වලට භාජනය කිරීමට සිදු වීම
පුහුණුව, සංගෘහිත කිරීම, දත්ත විශ්ලේෂණය සහ පරිවර්තනය ආදිය හේතුවෙන් ERP පද්ධතියක් ස්ථාපනය කිරීම අතිශය මිළ අධික ක්‍රියාවක් වීම
ඒකාකාරී තාක්ෂණ සහය අවම විය හැකිය
නුදුරු අනාගතයේ වෙනස් දිශාවකට හෝ නව ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ආයතන වලට ERP පද්ධති නම්‍යශීලී නොවීම.
ස්ථාපනය සඳහා යන දිගු කාලය
ආරක්ෂක දෝෂ.

Post a Comment

0 Comments