Management Information Systems - Lesson 6

Achieving Operational Excellence and Customer Intimacy - මෙහෙයුම් විශිෂ්ටත්වය සහ පාරිභෝගික සමීපතාව ලබාගන්නා ආකාරය

Enterprise Systems - ව්‍යාපාරික පද්ධති

ERP පද්ධති යනුවෙන් ද හැඳින්වේ. සංගෘහිත මෘදුකාංග මොඩියුල සහිත පොදු, මධ්‍ය දත්ත සමූහයක් සහිත මෘදුකාංග කට්ටලයකි.
විවිධ අංශ වලින් දත්ත එකතු කරගන්නා අතර, නියළුම අභ්‍යන්තර ව්‍යාපාරික ක්‍රියාවලි සඳහා ඒවා භාවිතා කරයි.
එක් ක්‍රියාවලියක් සඳහා ඇතුළත් කළ තොරතුරු එවේලෙහිම අනෙක් ක්‍රියාවලි සඳහාද භාවිතා කළ හැක.

Characteristics of an Enterprise System - ව්‍යාපාරික පද්ධති වල ලක්ෂණ

තත්‍ය කාල මෙහෙයුම්
සියළු ව්‍යාපාරික ක්‍රියාකාරකම් සංගෘහිත කර තිබීම
තොරතුරු ගලා යාම

Enterprise Software - ව්‍යාපාරික මෘදුකාංග

පූර්ව නිශ්චිත ව්‍යාපාර දහස් ගණනක් සඳහා නිපදවා ඇත.

Processes that reflect best practices - යහපත් පුරුදු පෙන්නුම් කරන ක්‍රියාවලි

මූල්‍යමය/ගිණුම්කරණ : සාමාන්‍ය ලෙජරය, ගිණුම් ගෙවීම් ආදිය
මානව සම්පත් : සේවක පිරිස් පරිපාලනය, වැටුප් වාර්තා ආදිය
නිෂ්පාදන : මිළදීගැනීම්, බෙදාහැරීම් ආදිය
විකුණුම්/ අලෙවිකරණය : ඇණවුම් සකස් කිරීම, බිල්පත් සෑදීම, විකිණුම් සැලසුම්කරණය ආදිය

To implement, firms: (ව්‍යාපාරික පද්ධති ස්ථාපනය කිරීමට නම්, එම ආයතන:)

පද්ධතියේ ඔවුන් භාවිතා කිරීමට බලාපොරොත්තු වන කෘත්‍ය තෝරාගැනීම
ව්‍යාපාරික ක්‍රියාවලි මෘදුකාංග ක්‍රියාවලි වෙත ගැලපීම
අවශ්‍ය පරිදි සැකසුම් වෙනස් කර ගැනීම සඳහා මෘදුකාංගයේ සැකසුම් වගු භාවිතා කිරීම

Enterprise Systems – How it Works - ව්‍යාපාරික පද්ධති ක්‍රියා කරන ආකාරය

[Pic]

Business value of enterprise systems - ව්‍යාපාරික පද්ධතියකින් ව්‍යාපාරයට ලැබෙන වටිනාකම

මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහල යාම
තීරණ ගැනීම සඳහා ව්‍යාපාරයේ සම්පූර්ණ වපසරිය ආවරණය වන සේ තොරතුරු ලබා ගැනීමේ හැකියාව ලැබීම
පාරිභෝගික ඉල්ලීම් සඳහා ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව
සම්පූර්ණ ව්‍යාපාරයේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීම සඳහා විශ්ලේෂණ යෙදවුම් ඇතුළත් වීම

Supply Chain Management Systems - සැපයුම් දාම කළමනාකරණ පද්ධති

Supply chain: (සැපයුම් දාමයක් යනු:)

අමුද්‍රව්‍ය ලබා ගැනීම
එම අමුද්‍රව්‍ය භාවිතා කර අතරමැදි සහ පූර්ණ ලෙස නිම කළ නිෂ්පාදන සිදු කිරීම
නිෂ්පාදන බෙදාහැරීම
සඳහා වූ සංවිධාන සහ ක්‍රියාවලි ජාලය, සැපයුම් දාමයක් ලෙස හැඳින්වේ.

Upstream supply chain: (ඉහළට ගමන් කරන සැපයුම් දාම:)

ආයතනයේ සැපයුම්කරුවන්, සැපයුම්කරුවන්ගේ සැපයුම්කරුවන් සහ ඔවුන් සමඟ බැඳීම කළමනාකරණය කිරීමේ ක්‍රියාවලි

Downstream supply chain: (පහළට ගමන් කරන සැපයුම් දාම:)

නිෂ්පාදන බෙදාහැරීම සහ පාරිභෝගිකයන් වෙත ලබා දීම සඳහා වැදහත් වන සංවිධාන සහ ක්‍රියාවලි

Nike's Supply Chain 


Information and supply chain management - තොරතුරු සහ සැපයුම් දාම කළමනාකරණය

සමාඟමේ මෙහෙයුම් වියදම් සඳහා ගෙවීම් කිරීමට අපහසු වීම නිසා
මෙහෙයුම් වියදම් 25%කින් පමණ අපතේ යා හැක.

Just-in-time strategy:
අවශ්‍ය විටදී අවශ්‍ය කොටස ලඟා වේ
නිමවූ භාණ්ඩ එක්කාසු කිරීමේ රේඛාව අවසනදී බෙදාහැරේ

◦ Safety stock (ආරක්ෂක සංචිත)
සැපයුම් දාමයේ නම්‍යශීලී බව අඩුකම වෙනුවෙන් ඇති අවරෝධකය (buffer)

Bullwhip effect:

සැපයුම් දාමය හරහා එක කොටසින් කොටසට ගමන් කිරීමේදී නිෂ්පාදනයට ඇති ඉල්ලුම පිළිබඳ තොරතුරු විකෘති වීම සිදුවේ. එය bullwhip effect ලෙස දක්වයි.

How information systems facilitate supply chain management - තොරතුරු පද්ධති මඟින් සැපයුම් දාම කළමනාකරණයට පහසුකම් සලසන ආකාරය

කුමන වේලාවෙදි කුමන භාණ්ඩය නිෂ්පාදන කළ යුතුද, ගබඩා කළ යුතු සහ ස්ථානය වෙනස් කළ යුතුද යන්න තීරණය කිරීම
ඇණවුම් වේගයෙන් සන්නිවේදනය කිරීම
ඇණවුම් වල තත්වය පරීක්ෂා කිරීම
භාණ්ඩ ලැයිස්තුවේ තිබෙන ද්‍රව්‍ය  සහ මට්ටම් ගැන අධ්‍යක්ෂණය කිරීම.
ප්‍රවාහන ගාස්තු සහ ගබඩා ගාස්තු අවම වීම
බෙදාහරින ලද භාණ්ඩ ඇත්තේ කොතැනදැයි පරීක්ෂා කිරීම
නියම පාරිභෝගික ඉල්ලුමට ගැලපෙන සැපයුම් සැලසුම් කිරීම
නිෂ්පාදන සැලැස්මේ ඇති වෙනස්කම් වේගයෙන් සන්නිවේදනය කිරීම

Supply chain management software - සැපයුම් දාම කළමනාකරණ මෘදුකාංග

Supply chain planning systems - සැපයුම් දාම සැලසුම්කරණ පද්ධති

දැනට පවතින සැපයුම් දාමය ආදර්ශනය
මූලාශ්‍ර, නිෂ්පාදන සැලසුම් වලින් වඩා හොඳ ඒවා තෝරාගැනීම
අමුද්‍රව්‍ය, අඩක් නිම කළ, නිමකළ ආදී ලෙස භාණ්ඩ ලැයිස්තු මට්ටම් පිහිටුවීම
නිමකළ නිෂ්පාදන ගබඩා කිරීමේ ස්ථානයක් නිර්මාණය
ප්‍රවාහන ක්‍රම හඳුනාගැනීම
ඉල්ලුම් සැලසුම්කරණය

Supply chain execution systems - සැපයුම් දාම ක්‍රියාත්මක කිරීමේ පද්ධති

බෙදාහැරීමේ මධ්‍යස්ථාන සහ ගබඩා හරහා භාණ්ඩ ගලා යාම කළමනාකරණය කිරීම.

Internet helps companies - ආයතන වලට අන්තර්ජාලයෙන් ලැබෙන උපකාර

 ලෝකව්‍යාප්ත සැපයුම් දාම වල බොහෝ කොටස් පරිපාලනය කිරීම
* මූලාශ්‍ර ලබා ගැනීම, ප්‍රවාහනය, සන්නිවේදනය, අන්තර්ජාතික මූල්‍ය ගණුදෙනු ආදිය

Global supply chain issues - ලෝකව්‍යාප්ත සැපයුම් දාම වල ඇති ගැටළු

ලෝකව්‍යාප්ත සැපයුම් දාම සාමාන්‍යයෙන් භූගෝලීය පිහිටීම් වලින් ඈත, කාලයෙන් වෙනස් වූ ස්ථාන වල පැතිරී පවතී.
මිළ සම්බන්ධ සංකීර්ණ ගැටළු - දේශීය බදු, ප්‍රවාහන ගාස්තු ආදිය
විදෙස් රටවල රෙගුලාසි
සංස්කෘතිමය වෙනස්කම්

Supply chain management systems - සැපයුම් දාම කළමනාකරණ පද්ධති

Push-based model (build-to-stock) -
ඉල්ලුම පිළිබඳ හොඳම අනුමාන කිරීම් මත පදනම් වේ.


Pull-based model (demand-driven)
පාරිභෝගිකයන් විසින් ඉල්ලුම් කරන විට සැපයුම් දාමය ඇරඹේ.



අනුක්‍රමික සැපයුම් දාම (Sequential supply chains) - තොරතුරු සහ අමුද්‍රව්‍ය අනුක්‍රමිකව සමාගමෙන් සමාගමට ගලා යයි.

ඒකලක්ෂ සැපයුම් දාම (Concurrent supply chains) - සැපයුම් දාම ජාලයක අවයව හරහා එක විටම විවිධ දිශා ඔස්සේ තොරතුරු ගලා යයි.

Business value of SCM systems - සැපයුම් දාම කළමනාකරණ පද්ධති වල ව්‍යාපාරික වටිනාකම

ඉල්ලුම හා සැපයුම ගැලපීම
භාණ්ඩ ලයිස්තු මට්ටම් අඩු කිරීම
බෙදාහැරීමේ සේවාව වැඩිදියුණු කිරීම
වෙළඳපල වෙත ඉක්මනින් භාණ්ඩ සැපයීම
වත්කම් වඩා ඵලදායිව භාවිතා කිරීම
සැපයුම් දාම සඳහා වියදම අඩු කිරීම නිසා ආදායම් වැඩි වීම
විකිණුම් ඉහළ යාම.

Supply Chain Management Systems - The emerging internet-driven supply chain

 

Post a Comment

0 Comments