Management Information Systems - Lesson 8

 

E-commerce: Digital Markets, Digital Goods - ඉලෙක්ට්‍රොනික වාණිජ්‍යය: ඩිජිටල් වෙළඳපල, ඩිජිටල් භාණ්ඩ

E-commerce and the Internet - ඉලෙක්ට්‍රොනික වානිජ්‍ය සහ අන්තර්ජාලය

වර්තමානයේ අන්තර්ජාලය:

අන්තර්ජාලය සහ ලෝක ව්‍යාප්ත ජාලය භාවිතා කර ව්‍යාපාර සහ ඩිජිටල්කරණය වූ මූල්‍යමය ගණුදෙනු විවිධ ආයතන සහ පුද්ගලයන් අතර සිදු වෙමින් පවතී.

1995 දී පමණ ඇරඹී ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී.

Dot-com bubble burst ලෙස හැඳින්වෙන අන්තර්ජාල පෙරළියෙන් රැකීමට සමත් වූ
ව්‍යාපාර දැන් ශක්තිමත් වෙමින් පවතී

ඉලෙක්ට්‍රොනික වානිජ්‍ය තවමත් ඇත්තේ එහි මූලික අවධියේ ලෙස දැක්විය හැක.

Netscape's web browser

එක්තරා කාලයකදී Netscape වෙබ් බ්‍රවුසරය වඩා වැඩිම දෙනෙක් භාවිතා කරන වෙබ් බ්‍රවුසරය බවට පත්ව තිබුණි. නමුත් පළමු බ්‍රවුසර යුද්ධය ලෙස සඳහන් වන Netscape සහ Internet Explorer බ්‍රවුසර අතර තරඟයෙන් පරාජයට පත් විය.

1990 දශකයේ මැද භාගයේ 90% ක් පමණ වූ Netscape භාවිතය, 2006 වන විට 1%ටත් අඩු අගයක් දක්වා පහත වැටුණි.

The New E-Commerce: Social, Mobile, Local - නව ඉලෙක්ට්‍රොනික වානිජ්‍ය: සමාජ, ජංගම සහ දේශීය

ඉලෙක්ට්‍රොනික වානිජ්‍ය වඩා සමාජ සහ ජංගම සහ දේශීය බවට පත් වෙමින් තිබේ.

අන්තර්ජාලය හරහා කෙරෙන අලෙවිකරණයේ මූලිකව තිබූ දේ වූයේ වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීමයි.

වර්තමානයේ එය වීඩියෝ වෙළඳ දැන්වීම් බවට පත්ව ඇත.

අදාළ අලෙවිකරණයේ සාර්ථක හෝ අසාර්ථක බව මනින මිමි ලෙස තිබූ අදාළ වෙළඳ දැන්වීම නරඹන පුද්ගලයන් ගණන සහ එක් වෙළඳ දැන්වීමක් එක් පුද්ගලයෙක් හට ප්‍රදර්ශනය කිරීම, සංවාද සහ අන්තර්ක්‍රියා බවට පත්වී ඇත.

ඉලෙක්ට්‍රොනික වානිජ්‍ය දැන් පරිගණකවල සිට ජංගම දුරකථන දක්වා මාරු වී ඇත.

Why E-Commerce is Different 8 Unique Features

ඉලෙක්ට්‍රොනික වානිජ්‍ය සතු වෙනස්, අනන්‍ය වූ ලක්ෂණ 8ක්

1 Ubiquity -

අන්තර්ජාලය සහ වෙබ් තාක්ෂණය ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට පිවිසිය හැකි තාක්ෂණයකි.

ප්‍රතිඵලය -

ව්‍යාපාරික ස්ථානය ලෙස හැඳින්වුණු භූගෝලීය පිහිටීමක් සහිත ස්ථානය වෙනස් වී marketspace නොහොත් ව්‍යාපාරික අවකාශය ලෙස හැඳින්වෙන දෙය බවට පත්වී ඇත

පාරිභෝගික පහසුව වැඩි වී, භාණ්ඩ මිළ දී ගැනීම සඳහා වූ වියදම අඩු වී ඇත.


2 Global reach

තාක්ෂණය සීමා මායිම් වලින් තොර වූ දෙයකි. එය ලොව පුරා පැතිර පවතී.

ප්‍රතිඵලය -

වානිජ්‍ය අන්තර්ජාතික සීමා මායිම් හරහා වෙනසකින් තොරව පැතිර ඇත.

බිලියන ගණනක් වූ පාරිභෝගිකයන් සහ මිලියන ගණනක් වූ ව්‍යාපාර ලොව පුරා පැතිරී ඇත.

3 Universal standards

එකම ආකාරයේ ප්‍රමිති පද්ධතියක් භාවිතා කිරීම - අන්තර්ජාල ප්‍රමිතිය

ප්‍රතිඵලය -

වෙනස් ආකාරයේ පරිගණක පද්ධති එකිනෙකා අතර පහසුවෙන් සන්නිවේදනය කරයි.

වෙළඳපල වෙත ඇතුළත් වීමට අඩු පිරිවැයක් වියදම් වීම.

පාරිභෝගිකයන්ගේ සෙවුම් වියදම් අවම වීම

4 Richness

වීඩියෝ, හඬපට, සහ අකුරු සඳහා සහාය දැක්වීම

ප්‍රතිඵලය -

පුද්ගලයන් විශාල ප්‍රමාණයකට, වීඩියෝ, පින්තූර ආදිය සහිත පණිවුඩ එකවර යැවිය හැකි වීම.

සියළු මාධ්‍ය එක් පණිවුඩයක් වෙත අන්තර්ගත කර බෙදාහැරීමේ පහසුව.

5 Interactivity

පරිශීලකයා සමඟ අන්තර්ක්‍රියා සිදු කරමින් තාක්ෂණය ක්‍රියා කරයි.

ප්‍රතිඵලය -

පුද්ගලයා ගෙන් පුද්ගලයාට වෙනස් වන සංවාද ගොඩනැඟීම

වෙළඳපල වෙත භාණ්ඩ බෙදාහැරීම පාරිභෝගිකයන් හා ඒකාබද්ධව සිදු කිරීමට හැකි වීම.

6 Information density

භාණ්ඩ පිළිබඳ තොරතුරු ව්‍යාපාරිකයන් හට, පාරිභෝගිකයන් හට සහ වෙළඳපල සඳහා සහභාගි වන්නන් හට විශාල ප්‍රමාණයෙන් ලබාගත හැකි වීම.

ප්‍රතිඵලය -

මිළ පිළිබඳ විනිවිදභාවය
වියදම් පිළිබඳ විනිවිදභාවය
ව්‍යාපාරිකයන් හට මිළ පිළිබඳ සොයා බැලීමේ හැකියාව වැඩිදියුණු වීම.

7 Personalization/Customization

භාණ්ඩ වල සහ පණිවුඩ වල වෙනස්කම් සිදු කිරීමට තාක්ෂණය ඉඩ ලබා දේ.

ප්‍රතිඵලය -

පෞද්ගලීකරණය කළ පණිවුඩ විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් වෙත යැවීමේ හැකියාව ලැබීම.

නිෂ්පාදන හා සේවා එක් එක් පුද්ගලයාට ගැලපෙන ලෙස වෙනස් කිරීමේ හැකියාව.

8 Social technology

තාක්ෂණය මඟින් පරිශීලකයන් විසින් කරන ලද පලකිරීම් සඳහා සහාය දැක්වීම සහ සමාජ ජාල සඳහා පහසුකම් සැපයීම.

ප්‍රතිඵලය -

නව අන්තර්ජාල සමාජ සහ ව්‍යාපාරික මොඩල මඟින් පරිශීලක පලකිරීම් නිර්මාණය සහ බෙදාහැරීම සහ සමාජ මාධ්‍ය සඳහා සහාය දැක්වීම.

Key Concepts in E-Commerce - අන්තර්ජාල වානිජ්‍යයේ මූලික සංකල්ප

Digital Markets - ඩිජිටල් වෙළඳපල

අන්තර්ජාලය මඟින් බිලියන ගණනක් වූ පාරිභෝගිකයන් හට ගණුදෙනු කළ හැකි ඩිජිටල් වෙළඳපලක් සකසා ඇත.

එමඟින්, සෘජුව, ක්ෂණිකව, සහ නොමිලේ විශාල ප්‍රමාණයේ තොරතුරු හුවමාරු කරගත හැක.

ප්‍රතිඵලයක් ලෙස, අන්තර්ජාලය මඟින් ව්‍යාපාර වල ව්‍යාපාර සිදු කරන ආකාරය වෙනස් කර සහ ඒවා ලෝකය වෙත විවෘත කිරීම වැඩි කර ඇත.

ඩිජිටල් වෙළඳපල මඟින් තොරතුරු වල අසමමිතික බව, සෙවීමේ වියදම් සහ මුදල් හුවමාරු වියදම්, මෙනු වියදම් අවම කර ඇත.

ඩිජිටල් වෙළඳපල මඟින් මිළ ගැන සොයාබැලීම, අදාළ අවස්ථාව මත වෙනස් වන මිළ, මැදිහත් තැරැව්කරුවන් අඩු කිරීම, වෙළඳපල කොටස් වලට වෙන් කිරීම සිදු කර ඇත.

Digital Markets Compared to Traditional Markets


Digital goods - ඩිජිටල් භාණ්ඩ

ඩිජිටල් ජාලයක් හරහා යැවිය හැකි භාණ්ඩ මෙලෙස හැඳින්වේ.

උදාහරණ - සංගීත ගොණු, වීඩියෝ, මෘදුකාංග, පත්තර, පොත්

මුල් පිටපත නිපදවීම සඳහා පමණක් වෙහෙස විය යුතුය. අනෙක් පිටපත් සඳහා යන වියදම බොහෝ විට ශුන්‍ය වේ.

 • අන්තර්ජාලය හරහා බෙදාහැරීම් සඳහා වැය වන මුදල ඉතා අඩු වේ.
• අලෙවිකරණ මිළ සමාන අගයක් ගනී.
• මිළ වෙනස් කරගත හැක.
• ඩිජිටල් භාණ්ඩ සහිත කර්මාන්ත විප්ලවකාරී වෙනස්කම් වලට බඳුන්වේ.

How The Internet Changes the Markets for Digital Goods


Types of E-Commerce - ඉලෙක්ට්‍රොනික වානිජ්‍යයේ ආකාර

Business-to-consumer
(B2C) - ව්‍යාපාරයකින් පාරිභෝගිකයා වෙත

Business-to-business
(B2B) - ව්‍යාපාරයකින් ව්‍යාපාරයක් වෙත

Consumer-to-consumer
(C2C) - පාරිභෝගිකයෙක් විසින් පාරිභෝගියෙක් වෙත

Mobile commerce
(m-commerce) - ජංගම වානිජ්‍ය

E-Commerce Business Models - ඉලෙක්ට්‍රොනික වානිජ්‍යයේ ව්‍යාපාර මොඩල

E-Tailer
Transaction Broker
Market Creator
Content Provider
Community Provider
Portal
Service Provider

E-Commerce Revenue Models - ඉලෙක්ට්‍රොනික වානිජ්‍යයේ ලාභ ලැබීමේ ක්‍රම

Advertising Revenue Model - වෙළඳ දැන්වීම්
Sales Revenue Model විකිණුම්
Subscription Revenue Model - ලියාපදිංචි වීම්
Free/Freemium Revenue Model - නොමිලේ ලබාදෙන සේවා
Transaction Fee Revenue Model - මුදල් හුවමාරු කිරීම් සඳහා ගාස්තු අය කිරීම
Affiliate Revenue Model - නව සාමාජිකයන් බඳවාගනිමින්

E-Commerce Marketing - ඉලෙක්ට්‍රොනික වානිජ්‍යයේ අලෙවිකරණය

අන්තර්ජාලය මඟින් අලෙවිකරණය සඳහා නව ආකාරයේ හඳුනාගැනීමේ සහ සන්නිවේදනයේ ක්‍රමවේද සපයයි.

* Long Tail Marketing - විශාල ප්‍රේක්ෂකාගාරයක් අවම වියදමකින් ලබාගැනීම හැකි වීම

* Behavioral targeting - විවිධ වෙබ් අඩවි වල පරිශීලකයන් හැසිරෙන ආකාරය අධ්‍යනය කිරීම මඟින් පාරිභෝගිකයන් ඉලක්ක කිරීම

* සෙවුම් යන්ත්‍ර හරහා අලෙවිකරණය, වෙළද දැන්වීම් ප්‍රදර්ශන, වීඩියෝ, පින්තූර ආදී සහිත මාධ්‍ය සහ විද්‍යුත් තැපෑල.

Web Site Personalization - වෙබ් අඩවි පෞද්ගලීකරණය

ආයතන වලට අනන්‍ය, පෞද්ගලීකරණය කළ වෙබ් පිටු සෑදිය හැකිය. එහිදී වෙනස් ආකාරයේ වෙබ් පිටු අන්තර්ගතයන්, වෙළඳ දැන්වීම් ඒවා පිළිබඳ විශේෂ ඇල්මක් සහිත පුද්ගලයන් වෙත පෙන්විය හැකිය. එමඟින් පාරිභෝගික අත්දැකීම වැඩිවී අගය වැඩි වීමක් සිදු වේ.

How an Advertising Network Such as Doubleclick Works


Social E-Commerce and Social Network Marketing - සමාජ ඉලෙක්ට්‍රොනික වානිජ්‍ය සහ සමාජ ජාල අලෙවිකරණය

Digital Social Graph යන අදහස අනුව පදනම් වී ඇත.

Digital Social Graph යනු, සියළු වැදගත් මාර්ගගත සමාජ සබඳතා එකට යා කිරීමයි.

මෙහි ක්‍රියාකාරිත්වයන් අතර,
Newsfeed
Timelines
Social Sign On
Collaborative Shopping
Network Notification
Social Search(Recommendations)
Crowdsourcing
    Prediction Markets
තිබේ.

How has E-Commerce Affected B2B Transactions

Electronic Data Interchange (EDI)

New Ways of B2B Buying and Selling

Private Industrial Networks 

New Ways of B2B Buying and Selling

Net marketplace/ e-hubs

E commerce presence Map

E-Commerce Presence Time Line

M-Commerce - ජංගම වානිජ්‍ය

සම්පූර්ණ ඉලෙක්ට්‍රොනික වානිජ්‍ය මුදල් හුවමාරු වලින් ජංගම වානිජ්‍ය වෙත තවමත් ඇත්තේ කුඩා ප්‍රතිශතයකි. නමුත් එය කෙමෙන් වර්ධනය වේ.

ස්ථානීය පිහිටුම අනුව සේවා සැපයීම
බැංකු සහ මූල්‍යමය සේවා
රැහැන් රහිත වෙළඳ දැන්වීම් සහ සිල්ලර වෙළඳාම්
ක්‍රීඩා සහ විනෝදාස්වාදය

E-Commerce Presence - ඉලෙක්ට්‍රොනික වානිජ්‍යයේ පැවැත්ම

සාර්ථක ඉලෙක්ට්‍රොනික වානිජ්‍ය ව්‍යාපාර සඳහා ව්‍යාපාරික දැණුම, තාක්ෂණය සහ සමාජීය සමාජීය ගැටළු සහ පද්ධතිමය පිවිසුම ගැන අවබෝධයක් තිබිය යුතුය.

Building an E-commerce Web Site - ඉලෙක්ට්‍රොනික වානිජ්‍ය වෙබ් අඩවියක් සෑදීම.

තාක්ෂණය, අඩවි සැලසුම්කරණය, සමාජීය සහ තොරතුරු පිළිබඳ පිළිවෙත්, දෘඩාංග සහ මෘදුකාංග මෙන්ම දුරකථන සන්නිවේදනය පිළිබඳ දැනුම ඇති පිරිසක් සාදා ගැනීම.

පාරිභෝගික අවශ්‍යතාව මත අඩවියේ තාක්ෂණය සහ සැකැස්ම සෑදිය යුතුය.

ව්‍යාපාරයේ තීරණ මඟින් තාක්ෂණය මෙහෙයවිය යුතුය. එහි අනෙක්පස සිදු නොවිය යුතුය.

අඩවියට තිබිය යුතු පහසුකම් ගැන බැලිය යුතුය

අදාළ අරමුණ ඉටු කර ගැනීම සඳහා පවතින තාක්ෂණය පිළිබඳ සොයා බැලිය යුතුය.

අවශ්‍ය කරන තොරතුරු ලබාගත යුතුය.

වෙබ් අඩවියක් නිර්මාණය කරන අතර ඇති විකල්ප

* සම්පූර්ණ සමාඟම තුළ ක්‍රියාත්මක වන අඩවියක්
* වගකීම් මිශ්‍ර කර තිබීම
* සම්පූර්ණයෙන් වෙන ආයතනයක් වෙත පැවරීම

 

***

Post a Comment

0 Comments