Management Information Systems - Lesson 4


තරඟකාරීත්වයෙන් වාසි ලබා ගැනීම සඳහා තොරතුරු පද්ධති භාවිතා කිරීම

සංවිධානයක් (Organization) යනු,

තාක්ෂණික අර්ථදැක්වීම -
භාහිර පරිසරයෙන් සම්පත් ලබාගෙන, ඒවා සැකසීම මඟින් ප්‍රතිදානයක් නිපදවන ස්ථායී, විධිමත් සමාජ ව්‍යුහයක් සහිත ආයතනයක් ලෙස දැක්වේ.



අභ්‍යන්තර නීති සහ ක්‍රියා පටිපාටියක් මෙන්ම සමාජීය ව්‍යුහයක් සහිත විධිමත් නීත්‍යානුකූල ඒකකයක් ලෙසින්ද මෙය අර්ථ දැක්වේ.

හැසිරීම අනුව අර්ථදැක්වීම -

ගැටුම් සහ ගැටුම් නිරාකරණය මඟින් සුමටව කාලාන්තරයක් තිස්සේ සමබර වූ අයිතිවාසිකම්, වරප්‍රසාද, බැඳීම් සහ වගකීම් වල එකතුවකි.

සංවිධානයක ලක්ෂණ

ධූරාවලියක ආකාරය ගනී. (Hierarchical structure)
අපක්ෂපාතී තීරණ ගැනීමේදී පද්ධතිය තුළ වගකීම්සහගත බව සහ බලතල සහිත බව ඇත.
කාර්යක්ෂමතාව සඳහා වූ මූලධර්ම හා බැඳී පවතී
නිතිපතා කෙරෙන කාර්යන් සහ ව්‍යාපාරික ක්‍රියාවලි.
ආයතනික දේශපාලනය, සංස්කෘතිය, පරිසර සහ ව්‍යුහය.

නිතිපතා කෙරෙන කාර්යයන් (Routines) සහ ව්‍යාපාරික ක්‍රියාවලි (Business Processes)

Routines - සම්මත කාරක ක්‍රියාපිළිවෙත් (Standard operating procedures)
සියළු අපේක්ෂිත අවස්ථාවන් සඳහා හැසිරවිය හැකි, අකුරට පිළිපැදිය යුතු නීති, ක්‍රියා පිළිවෙත් සහ පුරුදු.

Business Processes (ව්‍යාපාරික ක්‍රියාවලි) - Routines වල එකතුවකි.

Business Firm (ව්‍යාපාරික ආයතනය) - ව්‍යාපාරික ක්‍රියාවලි වල එකතුවකි.

ආයතනික දේශපාලනය

එකිනෙකට වෙනස් දෘෂ්ටිකෝණ නිසා ඇතිවන දේශපාලනික අරගල, තරඟය සහ ගැටුම්.

ආයතනික වෙනස්කම් සිදු කිරීම සඳහා විශාල ලෙස දේශපාලනික ප්‍රතිරෝධය බාධා පමුණුවයි.

ආයතනික පරිසර

ආයතන සහ පරිසර අතර පරස්පර සම්බන්ධයක් පවතී.
සමාජීය සහ භෞතික පරිසරය මත ආයතන රඳාපවතී, එමෙන්ම එම පරිසර වලට විවෘත වේ.
ආයතන අවට පරිසරය වෙනස් කිරීමට ආයතන වලට හැකියාව ඇත
සාමාන්‍යයෙන්, ආයතනයට සාපේක්ෂව පරිසරය වේගයෙන් වෙනස් වේ.
තොරතුරු පද්ධති පරිසර පරීක්ෂා කිරීමේ මෙවලමක් ලෙස හැසිරිය හැක. එනම් කාචයක් වැනි ය.

කඩාකප්පල්කාරී තාක්ෂණ. (Disruptive Technologies)

ව්‍යාපාර, කර්මාන්ත, වෙළඳපල වෙත අති විශාල වෙනසක් ඇති කිරීමට සමත් තාක්ෂණ මෙලෙස හැඳින්වේ.

උදාහරණ - පෞද්ගලික පරිගණක, වදන් සැකසුම් මෘදුකාංග, අන්තර්ජාලය, PageRank ඇල්ගොරිදමය.

First Movers (ප්‍රථමයෙන් වෙනස් වූවන්) - එවැනි කඩාකප්පල්කාරී තාක්ෂණ සොයාගත් නව සොයා ගැනීම් සිදු කරන්නන්.

Fast Followers (ඉක්මන් අනුගාමිකයන්) - එවැනි තාක්ෂණ භාවිතා කිරීම ඇරඹීමට තරම් විශාලත්වයෙන් සහ සම්පත් හිමි ආයතන.

උදාහරණ -

Microprocessor චිප - Intel, Texas Instruments ආදී ආයතන Microprocessor නිපදවීම නිසා ජයගත් අතර Transistor නිපදවන ලද කර්මාන්ත පසුබෑමට ලක් විය.

පෞද්ගලික පරිගණක - HP, Apple, IBM ආදී පෞද්ගලික පරිගණක නිපදවීම ඇරඹි ආයතන හමුවේ Mainframe සහ Minicomputer නිෂ්පාදන සමාඟම් අභාවයට යන ලදි.

පෞද්ගලික පරිගණක සහ මෘදුකාංග නිෂ්පාදකයින් වන Microsoft, Apple, HP ආදී ආයතන ඉහළට යන අතර, ටයිප් රයිටර් නිපදවූ සමාඟම් කඩා වැටුණි.


අන්තර්ජාලය හරහා සංගීත සේවා සැපයීම ඇරඹීමත් සමඟ, ශබ්දාගාර පවත්වාගනිමින් ලේබල් යටතේ වූ සිල්ලර වෙළඳාම කඩා වැටුණි

අන්තර්ජාලය හරහා මෘදුකාංග ලබාදෙන ආයතන දියුණු වූ අතර, සාම්ප්‍රදායික ලෙස CD ආදියෙහි අන්තර්ගත කර මෘදුකාංග විකිණීම නැවතුණි.

ආයතන ව්‍යුහය

ව්‍යවසායකත්ව ව්‍යුහය - කුඩා පරිමාණ, අලුතින් ඇරඹි ව්‍යාපාර

යන්ත්‍ර නිළබල ක්‍රමය (Machine bureaucracy) - මධ්‍ය පරිමාණ නිෂ්පාදන ආයතන

කොටස් වලට බෙදන ලද නිළබල ක්‍රමය (Divisionalized bureaucracy) - General Motors ආදී ප්‍රමාණයේ ආයතන.

වෘත්තීය නිළබල ක්‍රමය (Professional bureaucracy) - නීති ආයතන, පාසල් පද්ධති, රෝහල්

ආවස්ථික වාදී (Adhocracy) - උපදේශක ආයතන.

අනෙකුත් ආයතනික ලක්ෂණ

ඉලක්ක
කොට්ඨාස
නායකත්ව ආකාර
පවරන කටයුතු
අවට පරිසරය

තොරතුරු තාක්ෂණයේ ආර්ථිකමය බලපෑම්

තොරතුරු තාක්ෂණය මඟින් ප්‍රාග්ධනය සඳහා වූ සාපේක්ෂ වියදම් සහ තොරතුරු සඳහා වූ වියදම් වෙනස් කෙරේ.

ප්‍රාග්ධනය සහ ශ්‍රමය මෙන්, තොරතුරු පද්ධති තාක්ෂණය නිෂ්පාදන සාධකය වේ.

තොරතුරු වල මිළ සහ ගුණාත්මක භාවය කෙරෙහි තොරතුරු තාක්ෂණය බලපායි එමෙන්ම තොරතුරු වල ආර්ථිකමය වටිනාකම වෙනස් කරයි.

- තොරතුරු තාක්ෂණය හේතුවෙන් ව්‍යාපාරික ආයතන ප්‍රමාණයෙන් හැකිළීමට උපකාරී වේ. එමඟින් තොරතුරු හුවමාරුව සඳහා වන වියදම් අවම වේ.

-- පිටතින් සේවා ලබා ගැනීම (outsourcing)

තොරතුරු තාක්ෂණය ආයතනික සහ හැසිරීම් කෙරෙහි බලපෑම

තොරතුරු තාක්ෂණය මඟින් ආයතන සමතල (flatten) කරයි

- තීරණ ගැනීමේ හැකියාව පහළ මට්ටම් වලටත් ලබාදේ
- කළමනාකාරවරු අවශ්‍ය වන්නේ අඩුවෙනි (තොරතුරු තාක්ෂණය මඟින් තීරණ ගැනීම් වේගවත් කෙරේ. එමෙන්ම පාලනය කර හැකි වපසරිය පුළුල් කෙරේ.)

පශ්චාත්කාර්මික ආයතන - පශ්චාත්කාර්මික සමාජ හේතුවෙන් ආයතන සමතල විය. පාලනාධිකාරිය දැණුම කෙරෙහි වැඩි තැනක් ලබා දෙමින් සාම්ප්‍රදායික නිළතල බැහැර කරන ලදි.

ආයතන වෙනස් වීමට ඇති අකමඇත්ත
- තොරතුරු පද්ධති ආයතනික දේශපාලනය සමඟ බද්ධ විය. එයට හේතුව වූයේ තොරතුරු පද්ධති මඟින් මූලික සම්පතක් වූ තොරතුරු වලට පිවිසීමට ඇති හැකියාවයි.
- තොරතුරු පද්ධති මඟින් ආයතනික ව්‍යුහය, සංස්කෘතිය, දේශපාලනය මෙන්ම වැඩ කරනා ආකාරයද වෙනස් කිරීමේ නැඹුරුවක් ඇති වේ.
- විශාල ව්‍යාපෘති අසාර්ථක වීමට හේතුව වන්නේ ආයතනිකව සහ දේශපාලනිකව වෙනස් වීමට ඇති විරෝධයයි.

Porter ගේ පංච බල ආකෘතිය 


1. අලුතින් ක්ෂේත්‍රයට පිවිසෙන්නන් ගෙන් ඇතිවන තර්ජනය

ක්ෂේත්‍රයට පිවිසිමට ඇති බාධාව මත මෙය රඳාපවතී

ක්ෂේත්‍රයට පිවිසීමට ඇති බාධාවන්

* පරිමාණානුකූල පිරිමැසුම් (Economies of Scale)
* නිෂ්පාදිත ප්‍රභේදනය (Product Differentiation)
* ප්‍රාග්ධන ආයෝජන (Capital Investments)
* මාරු වීම සඳහා යන වියදම (Switching Cost)
* රාජ්‍ය ප්‍රතිපත්ති (Government Policy)
* පේටන්ට් බලපත්‍ර අයිතිය (Patent Right)
* වෙළඳ නාමයේ බලපෑම / පාරිභෝගිකයන්ගේ ලැදියාව (Brand Preference/ Customer Loyalty)

2. දැනට සිටිනා තරඟකරුවන් සමඟ ඇති තරඟය

එකඟවීමේ අනුපාතය
කර්මාන්තයේ දියුණුව
තරඟකරුවන් අතර ඇති සබඳතාව
නිපුණත්වය

සම්පත්, නායකත්වය, වෙළඳ නාමය, නව නිපැයුම්
සමතිරික්ත ගෙවුම්, අනෙක් මෙහෙයුම් ඉවත් කරගැනීම නිසා ඇතිවන බලපෑම
කළමනාකාරීත්වය පරාජය පිළිගැනීමට ඇති අකමැත්ත
රජය මඟින් ඇතිකරන පීඩනය

3. ආදේශක වලින් ඇතිවන තර්ජනය

එකම අවශ්‍යතාව වෙනත් නිෂ්පාදනයක් මඟින් පිරවීම

මිළ මත, සාපේක්ෂ ක්‍රියාකාරිත්වය, වෙනස් වීමේදී වැය වන මිළ, අවශ්‍යතාවයේ හෝ රසයේ වෙනස.

4. පාරිභෝගිකයන්හේ කේවල් කිරීමේ බලය.

නිෂ්පාදන විවිධත්වය
නිෂ්පාදන විභේදනය
මිළ
පාරිභෝගිකයන්ගේ ආදායම
විකල්ප නිෂ්පාදන පිළිබඳව පාරිභෝගිකයන්ගේ ඇති දැණුවත් භාවය
මිළදීගන්නා ලද පරිමාණය
පාරිභෝගිකයන්ගේ මිළ ගැන ඇති සංවේදීතාවය

5. සැපයුම්කරුවන්ගේ කේවල් කිරීමේ බලය

සැපයුම්කරුවන් ගණන
ව්‍යාපාරික ආයතනය සැපයුම්කරුවාගේ ආයතනයට සාපේක්ෂව ප්‍රතිශතය
වෙළඳපල කොටස
පාරිභෝගිකයා හට සපයන්නාගේ නිපැයුමේ ඇති වැදගත්කම

Porter’s Value Chain Analysis - පෝටර් ගේ වටිනාකම් දාම විශ්ලේෂණය

පෝටර් පවසන පරිදි, ව්‍යාපාරික ස්ථානයේ  

අන් ව්‍යාපාර හා තරඟයෙන් වාසියක් ලබාගැනීමට හැකිවන්නේ තමන්ගේ ආයතනය තුළ තම තමන්ම සංවිධානය පවත්වාගන්නා ආකාරයෙන් සහ එහි ක්‍රියාකාරකම් සිදු කරනා ආකරයෙන් බව පෝටර් පවසයි.

යම් ආයතනයක් භාණ්ඩ වෙත වටිනාකම දිය යුත්තේ එය අවසන් පාරිභෝගිකයා ගේ දෘෂ්ටිකෝණයෙන් බැලීමෙනි.

ව්‍යාපාරය මඟින් පාරිභෝගිකයන් වෙත සහ කොටස් අයිතිකරුවන් හට වටිනාකමක් ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව කළමණාකාරීත්වය විසින් විශ්ලේෂණය කළ යුතු බව පෝටර් කියයි.

Inbound Logistics

* අමුද්‍රව්‍ය ලබා ගැනීම, ගබඩා කිරීම, ගබඩා පාලනය.

මෙහෙයුම්

* අදානය කරනා අමුද්‍රව්‍ය නිමවන ලද භාණ්ඩ බවට පත් කිරීම
* නිෂ්පාදන පද්ධතිය
* ඉඩකඩ නිසිලෙස භාවිතා කිරීම

Outbound Logistics

* නිමනව ලද භාණ්ඩ ගබඩා කිරීම, පරීක්ෂා කිරීම, ඇසිරීම සහ  බෙදා හැරීම

අලෙවිය සහ විකිණුම

* ප්‍රවර්ධන ක්‍රියාකාරකම්
* පාරිභෝගිකයන් දැණුවත් කිරීම සහ මිළදීගැනීම සඳහා ඔවුන් නම්මා ගැනීම

විකිණුමෙන් පසු සේවය

* නඩත්තුව, අළුත්වැඩියාව, වගකීම, උපදේශන සේවා

ප්‍රතිසම්පාදනය - Procurement

* ප්‍රාථමික ක්‍රියාකාරකම් සඳහා අදාන මිළදී ගැනීම

තාක්ෂණික සංවර්ධනය

* නිශ්පාදන සහ ක්‍රියාවලි සැලසුම
* නොනවත්වා සිදු කරන වැඩිදියුණු කිරීම්
* නව අදහස් හා සොයාගැනීම්

මානව සම්පත්

* බඳවාගැනීම, පුහුණු කිරීම හා සංවර්ධනය, පෙළඹවීම හා පාරිතෝෂික ලබාදීම

ආයතනයේ යටිතල ව්‍යුහය

* ව්‍යුහය
* සංස්කෘතිය
* කළමනාකරණ සැලසුම්කරණය
* මුදල් පාලනය

Post a Comment

0 Comments